Search This Blog

Sunday, June 21, 2020

මොයිස්ට් චොකලට් කේක්

අවශ්‍ය ද්‍රව්‍ය

  • පිටි කප් 3
  • සීනි කප් 3
  • කොකෝවා පව්ඩර් කප් 1 1/2
  • බේකින් සෝඩා මේස හැන්දක්
  • බේකින් පව්ඩර් තේ හැඳි 1 1/2
  • ලුණු තේ හැඳි 1 1/2
  • ලොකු බිත්තර 4
  • කිරි කප් 1 1/2
  • දෙහි යුශ මේස හැඳි 1 1/2
  • උණුසුම් වතුර කප් 1 1/2
  • එළවළු තෙල් කප් 1/2
  • වැනිලා තේ හැඳි 2

කිරි වලට දෙහි යුශ එක් කර මිශ්‍ර කර විනාඩි 5ක් පමණ පසෙකින් තියාගන්න.
පිටි, සීනි, බේකින් සෝඩා, ලුණු, බේකින් පව්ඩර් සහ කොකෝවා පව්ඩර් එකට එක් කර හොඳින් මිශ්‍ර කරගන්න.
බිත්තර, කිරි මිශ්‍රණය, තෙල්, වතුර සහ වැනිලා එකට එක් කර හොඳින් බීට් කරගන්න.
එය පිටි මිශ්‍රණයට එක් කරමින් මද වේගයෙන් බීට් කරගන්න. නැත්නම් හෑන්ඩ් විස්ක් එකකින් මිශ්‍ර කරගන්න.
සෙල්සියස් 170ට ප්‍රී හීට් කරගත් අවන් එකක විනාඩි 30-35ක් පමණ බේක් කරගන්න.

No comments:

Post a Comment