කඩල කොත්තු
අවශ්‍ය ද්‍රව්‍ය
- හොඳින් තම්බාගත් කඩල ග්‍රෑම් 200
- චොප්කරගත් ළූණු ගෙඩි 1
- බිත්තර 2
- ලුණු හා ගම්මිරිස්කුඩු
- අබ ඇට ටිකක්
- සිහින්ව කපාගත් කරපිංචා කොළ කිහිපයක්
- කෑලිමිරිස් තේ හැඳි 2
- එළවළු තෙල් ටිකක්
- පෑන් එකට තෙල් ටිකක් දාගන්න. ටිකකින් අබ දමා පුපුරනකොට ළූණු හා කරපිංචා එක්කරන්න.
- තෙම්පරාදු වේගෙන එනකොට කඩල ටික දාගන්න. දැන් ලුණු පින්ච් එකක් සහ ගම්මිරිස්කුඩු දාගන්න. විනාඩි 2ක් වගේ වහලා තියන්න.
- බිත්තර කඩලා පොඩ්ඩක් බීට් කරලා කඩල වලට එකතු කරන්න. හොඳට බිත්තර කඩල වල දැවටිලා ස්ක්‍රැම්බල් උනාම අන්තිමට කෑලිමිරිස් දාලා ටිකකින් ලිප ඕෆ් කරගන්න.
No comments:
Post a Comment