අවශ්‍ය ද්‍රව්‍ය
- තිබ්බටු ග්‍රෑම් 200
- බැදගත් හාල්මැස්සො ටිකක්
- ගාගත් පොල් කෝප්ප 1
- ලියාගත් ළූණු ගෙඩි 1
- කොච්චි කරල් කිහිපයක්
- ලියාගත් සුදුළූණු බික් 2
- කහකුඩු තේ හැඳි 1
- දෙහි යුෂ ස්වල්පයක්
- ලුණු
- තිබ්බටු ටික වංගෙඩියෙ දාල ටිකක් තලාගන්න. ඒකට කපාගත් ළූණු, සුදුළූණු එකතු කරලා වතුර කෝප්ප 1ක් දාලා ලිපේ තියන්න.
- පොල් වලට කහ, කොච්චි හා ලුණු දාලා ගලේ අඹරගන්න.
- තිබ්බටු ටික තැම්බුනාම අඹරාගත් පොල් ටික එකතු කරගන්න. හොඳට කලවම් කරගන්න. වතුර ගතිය හිඳුනම දෙහි යුෂ හා බැදගත් හාල්මැස්සො එකතු කරලා ලිපෙන් බාගන්න.
No comments:
Post a Comment