කව්පි මැල්ලුම්
අවශ්‍ය ද්‍රව්‍ය
- රැයක් පොඟවාගත් කව්පි ග්‍රෑම් 200
- ගාගත් පොල් කෝප්ප 1
- සුදුළූණු බික් 3
- චොප්කරගත් රතුළූණු ගෙඩි 2
- කපාගත් අමුමිරිස් කරල් 2
- කුරුඳු පොතු කෑල්ලක්
- ගම්මිරිස්කුඩු ස්වල්පයක්
- අබ ස්වල්පයක්
- කරපිංචා
- ලුණු
- කෑලිමිරිස් තේ හැඳි 1
- තුනපහ කුඩු තේ හැඳි 1/2
- පොල් වලට අබ, ගම්මිරිස්කුඩු, සුදුළූණු, රතුළූණු, කහ, තුනපහකුඩු, කුරුඳු පොතු, ලුණු, කරපිංචා, අමුමිරිස්, කෑලි මිරිස් එක්කර ගලේ අඹරන්න හෝ වංගෙඩියේ කොටාගන්න.
- කව්පි සෝදලා තැම්බෙන්න තියන්න. හොඳට තැම්බිලා වතුර හිඳීගෙන එද්දි ලුණු ස්වල්පයක් එකතු කර කලවම් කරගන්න.
- මේකට අඹරාගත් පොල් ටික දාලා කලවම් කරගන්න.
- පොල් ටික හොඳට මැලවිලා වතුර හොඳටම හිඳුනට පස්සෙ ලිපෙන් බාගන්න.
- උදේ තම්බල ඉතුරු වුන කව්පි තියෙනවා නම් දවල් බතට මේ මැල්ලුම හදාගන්න පුළුවන් වෙනම පොල් ටික මලවගෙන ඒකට තම්බපු කව්පි එකතු කරගෙන.
No comments:
Post a Comment