රාබු පිකල්
අවශ්‍ය ද්‍රව්‍ය
- ලියාගත් රාබු ග්‍රෑම් 250
- අමුමිරිස් කරල් 4-5
- විනාකිරි කෝප්ප 1
- අඹරාගත් ඉඟුරු, සුදුළූණු
- අඹරාගත් අබ ස්වල්පයක්
- රතුළූණු ගෙඩි 8-10
- එනසාල් ඇට 2
- වතුර කෝප්ප 1
- ලුණු තේ හැඳි 1
- සුදු සීනි කෝප්ප 1
- මැටි භාජනයකට වතුර දාලා විනාකිරි, සීනි ටික දාගන්න. හොඳට කලවම් කරලා ලුණු ටික දාගන්න.
- දැන් මේ භාජනේ ලිපේ තියල මද ගින්දරේ රත් කරගන්න. සීනි ටික දියවෙනකල් රත් කරගන්න.
- හොඳට උතුරනකොට අඹරාගත් අබ සහ ඉඟුරු, සුදුළූණු දාලා අමුමිරිස්, එනසාල් හා රතුළූණු ටිකත් දාගන්න.
- හොඳට විනාකිරෙන් තැම්බුනාම රාබු ටිකත් එකතු කරගන්න. තෙත ගතිය හොඳටම හිඳෙනකම් ලිපේ තියාගෙන ජීවාණුහරණය කළ බෝතල් වල අසුරගන්න.
No comments:
Post a Comment