සෙම් රෝග වලට වගේම තවත් රෝග රැසකට ගුණ නිල් කටරොළු මල් තේ විදියට බොන්න පුළුවන්. ඒකට කරන්න තියෙන්නෙ බොහොම පොඩි දෙයක්.
නිල් කටරොළු තේ
අවශ්‍ය ද්‍රව්‍ය
- නිල් කටරොළු මල් 5-6
- උණු වතුර කෝප්ප 1
- මල් ටික උණු වතුර එකේ දාලා විනාඩි 5ක් තැම්බෙන්න තියල බොන්න. කැමති නම් ලුණු ටිකක් දාගන්න. දෙහි බින්දුවක් එකතු කරගත්ත නම් මේ තේ එකම දම්පාටට හදාගන්නත් පුළුවන්.
නිල් කටරොළු ජෙලි
අවශ්‍ය ද්‍රව්‍ය
- නිල් කටරොළු මල් 10-12
- අගර් අගර් මේස හැඳි 3
- සීනි මේස හැඳි 3
- මිටිකිරි කෝප්ප 1
- ලුණු
- මල් ටික වතුර කප් භාගයක් දාලා ලිපේ තියලා තැම්බුණාම මල් ටික ඒ වතුරටම හොඳට පොඩි කරල යුෂ පෙරාගන්න.
- වෙනම භාජනයකට වතුර කෝප්ප 2ක් දාලා ඒකට අගර් අගර් දාලා සීනි ටිකත් දාගන්න. මේ ටික හොඳට කලවම් කරගන්න. දැන් ලිප ඔන් කරගන්න. වතුර නටනකොට නිල් කටරොළු වතුර ටික එකතු කරගන්න.
- මේකට මිටිකිරි කෝප්ප 1ක් වගේ දාලා ලුණු දාලා කලවම් කරගන්න. හොඳට නටනකොට ලිප ඕෆ් කරගන්න. දැන් මේ මිශ්‍රණය වීදුරු බෝල් එකකට හෝ ජෙලි මෝල්ඩ් එකකට දාලා සෙට් වෙන්න ෆ්‍රිජ් එකට දාන්න.
- ටිකකින් ඔයාලට පෙනෙයි කිරි ලේයර් එක හා නිල් කටරොළු යුෂ ලේයර් එක වෙන් වෙලා තියන හැටි. තව පැය කිහිපයක් හොඳට සෙට් වෙන්න කූල් කරලා කෑමට ගන්න. නියම අතුරුපසක්.
No comments:
Post a Comment