පොකුරු වද මල්
ශරීර උෂ්ණත්වය අඩු කරල ඇඟ සිසිල් කරවන අපූරු බීමක් මේ.
පොකුරු වද මල් බීම
අවශ්‍ය ද්‍රව්‍ය
- සෝදා ගත් පොකුරු වදමල් පෙති අහුරක්
- අයිස් වතුර
- උණුවතුර ටිකක්
- රස අනුව සීනි
- ලුණු පින්ච් එකක්
- දෙහි යුෂ ටිකක්
- කස කසා ඇට (තියෙනවා නම්)
- මල් පෙති වැහෙන ගාණට උණුවතුර දාලා වහලා තැම්බෙන්න තියන්න ටික වෙලාවක්.
- හැන්දකින් මේ මල් පෙති ටික හොඳට කලවම් කරල වතුර ටික පෙරාගන්න.
- වදමල් වතුරට සීනි දාලා දියකර ගන්න. සීනි දියකරගත්තට පස්සෙ වීදුරුව පිරෙනකම් අයිස් වතුර එකතු කරගෙන එයට දෙහි යුෂ හා ලුණු ටිකක් රස අනුව එක්කර ගන්න. දෙහි එක් කරාම අවපැහැය නැති වෙලා ලස්සන පාටක් එනව.
- කැමති නම් මේකට වතුරෙ පොඟවපු කස කසා ඇට සහ අයිස් කැට අවශ්‍ය නම් එකතු කරන් බීමට ගන්න.
No comments:
Post a Comment