උම්බලකඩ සාදාගන්නා ආකාරය
අවශ්‍ය ද්‍රව්‍ය
- බල, කෙලවල්ලා හෝ අලගුඩුවො මාළු කිලෝ 2
- ලුණු මේස හැඳි 6
- කහකුඩු තේ හැඳි 4
- ගොරකා කෑලි 10
- සාමාන්‍යයෙන් උම්බලකඩ හදන්න ගන්නෙ කෙලවල්ලො, බල මාළු හෝ අලගුඩුවො කියන ජාතිය. අපිට ධීවර වරායකින් වගේ මාළු ටික ගන්න තියනවනම් ස්වයං රැකියාවකට වගේ නම් ලාබෙට වැඩේ කරගන්න පුළුවන්.
- මාළු කූරි වශයෙන් හෝ ලොකු කුට්ටි විදිහට අරගෙන අරගෙන හොඳට හෝදලා ඔළුව, බඩවැල් සහ නැට්ට කපල ඉවත් කරල මාළුවා හොඳට සෝද ගන්න.
- පොඩි මාළු ගන්නවනම් කූරියා පිටින්ම තියෙද්දි මෙහෙම සුද්ද කරලා ඇතුල සෝදගන්න ඕනේ. කුට්ටි වශයෙන් ගත්තනම් ඒ විදියටම සෝදගන්න. ඇතුලෙ කටු අයින් කරන්න එපා.
- මාළු ටික වැහෙන ප්‍රමාණයට අවශ්‍ය තරම් වතුර ගන්න. ලොකු මුට්ටියකට වතුර දාලා වතුර ටික රත්වේගෙන එනකොට ඒකට ගොරකා කෑලි 10ක් විතර දාගන්න. තව කහකුඩු තේ හැඳි 4ක් හා ලුණු කුඩු මේස හැඳි 6ක් වගේ දාගන්න. කලවම් කරලා වතුර උතුරනකොට මාළු ටික දාගන්න.
- හැඳි නොගා, කලවම් නොකර පරිස්සමට මාළු ටික තම්බගන්න. හැඳිගාන්න ගියොත් මාළු කුඩු වෙන්න බලයි. ඒ නිසා මාළු ගොඩක්ම වෙලා නැතුව විනාඩි 10ක් වගේ තැම්බුවාම හොඳටම ඇති.
- මාළු ටික තම්බගෙන වතුර පෙරාගෙන මාළු කුට්ටි ටික බෝඩ් එකක් උඩ තියල කූරි මාළු නම් දෙකට පළලා මැද ලොකු කට්ට විතරක් අයින් කරගන්න. ස්වභාවිකවම මාළු පළුව වෙන් වෙන කුට්ටි හතරට වෙන් කරගන්න. ලොකු කුට්ටි මාළු නම් ලොකු කටු විතරක් අයින් කරල වෙන් කරගන්න.
- අඟල් පහක් හයක් පළල පිරිසිදු කපු රෙදි පටියක් ගන්න. තම්බපු මාළු කුට්ටියක් මේ පටිය මැදින් තියල දෙපැත්තෙන් ටොෆි එකක් වගේ ඔතල මාළු කුට්ටිය කැඩෙන්නෙ නැතිවෙන්න පරිස්සමට මිරිකගෙන අමතර වතුර ඉවත් කරගන්න. මෙහෙම කළාම වේලගන්න කාලය අඩු කරගන්න පුළුවන්.
- දැන් මේ මාළු ටික දැලක් උඩ හෝ හොඳින් රත්වෙන තැටියක තියලා හොඳ තද අව්වේ දවස් 3-4ක් විතර වේලගන්න ඕන.
- උම්බලකඩ පදම, ඒ කියන්නෙ කළුවට වගේ වෙනකල් හොඳට වේලලා අරන් බෝතල් කරලා තියලා කෑමට ගන්න පුළුවන්.
- අව්ව නැති කාලෙක හෝ මාළු වේලගන්න තරම් සුදුසු වට පිටාවක් නැති අයට හෝ ගෙදර පූසො බව්වො එක්ක බේරගන්න අමාරු නම් මේ මාළු ටික අවන් එකේ සෙල්සියස් 100°ට දාලා විනාඩි 40කට සැරයක් අනික් පැත්ත පෙරලන්න. පැය තුනක් විතර මේ විදියට වේලගන්න. සමහර විට මේ ප්‍රමාණය වේලිලා ඇති වෙන්නත් පුළුවන්. නැත්නම් එහෙම වේලලා අරන් එක දවසක් අව්වට දාගත්තත් ඇති.
No comments:
Post a Comment