බීෆ් සුප්
අවශ්‍ය ද්‍රව්‍ය
- පොඩියට කෑලි කපාගත් බීෆ් ග්‍රෑම් 200
- සැල්දිරි ටිකක්
- චොප්කරගත් සුදුළූණු මේස හැඳි 1
- පොඩියට කපාගත් තක්කාලි ගෙඩි 1
- කොටුවට කපාගත් අල ගෙඩි 2
- කොටුවට කපාගත් කැරට් අල 2
- බෝංචි කරල් කිහිපයක්
- ගෝවා
- තුනපහකුඩු තේ හැඳි 2
- ගම්මිරිස්කුඩු හා ලුණු රස අනුව
- බීෆ් වලට ලුණු දාලා වතුර කෝප්ප 1/2ක් දාලා තම්බගන්න.
- වෙනම භාජනයකට තෙල් ටිකක් දාලා ලිපේ තියලා ඒකට සුදුළූණු හා ළූණු දාලා තෙම්පරාදු කරගන්න.
- ටිකකින් තක්කාලි හා අනික් එලවළු ටික දාගන්න. කලවම් කරන ගමන් තුනපහකුඩු හා ගම්මිරිස්කුඩු ටික දාගන්න.
- එළවළු තැම්බීගෙන එනකොට වතුර කෝප්ප 2ක් හෝ අවශ්‍ය ප්‍රමාණයෙන් දාලා තම්බගත්ත බීෆ් ටික එකතු කරගන්න. අන්තිමට කපාගත් ගෝවා ටික හා සැල්දිරි දාගෙන උතුරවාගෙන ලිපෙන් ඉවත් කරගන්න.
No comments:
Post a Comment