බීෆ් ඩෙවල්
අවශ්‍ය ද්‍රව්‍ය
- පොඩි කෑලි කපාගත් බීෆ් ග්‍රෑම් 500
- තෙල් මේස හැඳි 5
- චොප්කරගත් සුදුළූණු තේ හැඳි 2
- චොප් කරගත් ළූණු ගෙඩියක්
- කුරුඳු පොතු කෑල්ලක්
- කහකුඩු තේ හැඳි 1/2
- මිරිස්කුඩු මේස හැඳි 1
- විනාකිරි මේස හැඳි 2
- ලුණු
- තුනපහ කුඩු මේස හැඳි 1
- තක්කාලි සෝස් මේස හැඳි 4
- ගම්මිරිස්කුඩු තේ හැඳි 1
- වතුර කෝප්ප 2
- කොටුවට කපාගත් තක්කාලි ගෙඩි 2
- කොටුවට කපාගත් ළූණු ගෙඩි 2
- සැල්දිරි ඉත්තක්
- කපාගත් බෙල්පෙපර් පාට 3න් ගෙඩි 1/2 බැඟින්
- සීනි තේ හැඳි 1
- පෑන් එකට තෙල් ටික දාලා සුදුළූණු දාලා තෙම්පරාදු කරගන්න. ටිකකින් චොප්කරගත් ළූණු, කුරුඳු පොතු, කහකුඩු හා මිරිස්කුඩු එකතු කරලා කලවම් කරන්න.
- එයට කපාගත් බීෆ් ටික දාලා හොඳට කලවම් කරගන්න. ඒ එක්කම විනාකිරි ටික දාගන්න. රස අනුව ලුණු දාගන්න. මද ගින්දරේ පිසගන්න.
- ටිකකින් තුනපහ කුඩු, තක්කාලි සෝස්, ගම්මිරිස්කුඩු, සීනි එකතු කරන් වතුර කෝප්ප 2ත් දාලා බීෆ් ටික තැම්බෙන්න වහලා තියන්න විනාඩි 10 ක් වගේ යනකොට තැම්බිලා තියෙයි.
- දැන් ලොකුවට කපාගත් තක්කාලි, ළූණු, බෙල්පෙපර්, සැල්දිරි ටික එකතු කරලා කලවම් කරන්න. විනාඩියක් විතර පිසගෙන ලිපෙන් ඉවත් කරගන්න.
No comments:
Post a Comment