Search This Blog

Sunday, June 28, 2020

යෝගට් ජෙලි මූස්

අවශ්‍ය ද්‍රව්‍ය 


  1. යෝගට් 4ක්
  2. ජෙලි පැකට් 3ක් ෆ්ලේවර්ස් 3කින්
  3. මිල්ක්මේඩ් පොඩි ටින් 1

  • ජෙලි පැකට් එකක් උණුවතුර කෝප්ප එකක දියකරලා බටර් ගාගත් ට්‍රේ එකක දාලා සෙට් වෙන්න තියන්න. 
  • ඊලඟට ඉතුරු ෆ්ලේවර්ස් දෙක වෙන වෙනම හදලා බාගෙට සෙට් කරගන්න. සම්පූර්ණයෙන් සෙට් වෙන්න දෙන්න එපා. 
  • බාගෙට හදපු එක ජෙලි එකක් අරන් ඒකට යෝගට් 2ක් හා
  • මිල්ක්මේඩ් ටින් එකෙන් බාගයක් දාලා හොඳට බ්ලෙන්ඩ් කරගන්න.
  • දැන් මේක අර හොඳටම සෙට් කරගත් ජෙලි එක උඩින් දාගන්න. මේක හොඳට සෙට් වෙන්න ෆ්‍රිජ් එකේ තියාගන්න.
  • ඊලඟට අනික් බාගෙට සෙට් කරගත් ජෙලි එකයි ඉතුරු යෝගට් 2යි ඉතුරු මිල්ක්මේඩ් ටිකයි දාලා ආයෙ බ්ලෙන්ඩ් කරගෙන ඊලඟ ලේයර් එක දාගන්න. හොඳටම සෙට් උනාම අනික් පැත්ත හරවල පිළිගන්වන්න. 

No comments:

Post a Comment