ගෝවා මැල්ලුම්
අවශ්‍ය ද්‍රව්‍ය
- පොඩි ගෝවා ගෙඩි 1
- ලියාගත් රතුළූණු ගෙඩි 4-5
- ලියාගත් සුදුළූණු බික් 3
- රම්පේ හා කරපිංචා
- කුරුඳුපොතු කෑල්ලක්
- කහකුඩු තේ හැඳි 1
- ගම්මිරිස් ඇට ස්වල්පයක්
- අබ ස්වල්පයක්
- රස අනුව ලුණු
- ගාගත් පොල් කෝප්ප 1
- ගෝවා ටික හීනියට කපාගෙන ලුණු මිශ්‍ර වතුරෙ ටිකක් වෙලා දාලා තියාගන්න. ඉන් පස්සෙ ගෝවා ටික වතුර මිරිකලා අරන් භාජනයකට දාලා ලිපේ තියන්න.
- රතුළූණු, සුදුළූණු, කහකුඩු, ගම්මිරිස් ඇට, කුරුඳුපොතු හා පොල් එකතු එකතු කරලා අඹරගන්න.
- ගෝවා වල වතුර ගතිය අයින් උනාම පොල් මැල්ලුම කලවම් කරන්න.
- වෙනම භාජනයක තෙල් ටිකක් ලිපේ තියලා රත්වෙනකොට අබ ටික දාලා රම්පේ හා කරපිංචා ටික දාගන්න.
- දැන් ගෝවා ටික එකතු කරලා රස අනුව ලුණු දාලා ලිපෙන් බාගන්න.
No comments:
Post a Comment