කිරි අල
වකුගඩු ක්‍රියාකාරිත්වයට වැදගත් වෙන ඇඟේ විෂ ඉවත්කිරීමේ මහඟු ගුණය සතු මේ අල වර්ගය ශරීරයේ සීනි මට්ටම පාලනයට උදව් වෙනවා.
කිරි අල කරි
අවශ්‍ය ද්‍රව්‍ය
- කිරි අල ග්‍රෑම් 250
- හීනියට කපාගත් රතුළූණු ගෙඩි 2-3
- හීනියට කපාගත් සුදුළූණු බික් 3-4
- කපාගත් අමුමිරිස් කරල් 2
- රම්පේ හා කරපිංචා
- මිරිස්කුඩු තේ හැඳි 1
- කහකුඩු තේ හැඳි 1/2
- අමු තුනපහකුඩු තේ හැඳි 1/2
- උළුහාල් ස්වල්පයක්
- ලුණු
- මිටිකිරි කෝප්ප 2
තෙම්පරාදුවට
- අබ ඇට ටිකක්
- කපාගත් වියලි මිරිස් කරලක් දෙකක්
- හීනියට ලියාගත් රතුළූණු ගෙඩි තුනක් හතරක්
- කරපිංචා කොළ ටිකක්
- ලුණු චුට්ටක්
- මිරිස්කුඩු පින්ච් එකක්
- කිරිඅල සුද්ද කරලා තරමක කෑලි කපාගන්න. ඒකට කපාගත් රතුළූණු, සුදුළූණු, අමුමිරිස්, රම්පේ, කරපිංචා දාලා කහකුඩු, මිරිස්කුඩු, අමු තුනපහකුඩු හා උළුහාල් ටිකක් දාලා අල තැම්බෙන්න සෑහෙන ප්‍රමාණයට වතුර දාලා ලිපේ තියන්න. හොඳට තැම්බුනාම මිටිකිරි දාලා උතුරවගන්න.
- මිරිස්කුඩු හැර තෙම්පරාදුවට අවශ්‍ය ද්‍රව්‍ය ටික රත් වුන තෙලට දාල හොඳට බැදෙන්න අරින්න. අන්තිමට මිරිස්කුඩු දාල කලවම් කරන් උයාගත්ත කරියට උඩින් දාගන්න.
No comments:
Post a Comment