හුළංකීරිය
බඩවැලේ තුවාල සනීප කිරීමටත් ආහාර දිරවීම පහසු කිරීමටත් වැනි ගුණ රාශියක් මේ හුළංකීරිය සතුයි. ඒ වගේම ගැස්ට්‍රයිටිස් තියන අයට ගොඩාක් ගුණ කෑමක්.
හුළංකීරිය පිට්ටු
අවශ්‍ය ද්‍රව්‍ය
- හුළංකීරිය අල ග්‍රෑම් 400
- හාල්පිටි ග්‍රෑම්ස් 100
- පොල් කප් එකක්
- ලුණු
- මිටි කිරි ටිකක්
- හුලංකීරිය අල සුද්ද කරලා සෝදලා අරන් හීනි පෙති කපාගන්න. කපාගත් පෙති බ්ලෙන්ඩර් එකට දාලා වතුර කෝප්ප 2 එක්ක හොඳට බ්ලෙන්ඩ් කරගන්න. දැන් පිරිසිදු රෙදි කෑල්ලක් අරගෙන මේක පෙරලා යුෂ ටික අරගන්න. දැන් මේක නිසොල්මන්ව පැයක් දෙකක් තිබ්බම වතුර හා අල පිටි වෙන් වෙනවා පෙනෙයි. උඩ වතුර ටික හෙමින් අයින් කරගන්න.
- දැන් ඉතුරු උන පිටි වලට හාල්පිටි ටික දාගන්න. රස අනුව ලුණු එකතු කරගෙන පොල් ටික හොඳට කලවම් කරගන්න. අවශ්‍ය තරමට පමණක් මිටි කිරි ටික ටික ඉහගෙන ඇඟිලි තුඩු වලින් මිශ්‍ර කරමින් පිට්ටු කැටකරගන්න.
- දැන් මේක පිට්ටු බම්බුවක දාල සාමාන්‍ය විදියට තම්බ ගන්න.
No comments:
Post a Comment