මීට්බෝල්ස් විත් වයිට් සෝස්
අවශ්‍ය ද්‍රව්‍ය
- මීට්බෝල්ස් පැකට් 2
- චොප්කරගත් ළූණු ගෙඩි 1
- චොප්කරගත් සුදුළූණු මේස හැඳි 2
වයිට් සෝස් එකට
- බටර් මේස හැඳි 1
- පාන්පිටි මේස හැඳි 2
- හෙවි ක්‍රීම් කෝප්ප 1/2
- ගම්මිරිස්කුඩු
- සුදු ගම්මිරිස්කුඩු
- ලුණු පින්ච් එකක්
- චිකන් ස්ටොක් මේස හැඳි 2
- මස්ටර්ඩ් ක්‍රීම් මේස හැඳි 1
- චොප්කරගත් පාස්ලි ටිකක්
- පෑන් එකට තෙල් ටිකක් දාලා ළූණු හා සුදුළූණු ටික තෙම්පරාදු කරගන්න.
- මීට්බෝල්ස් ටික එකතු කරන් විනාඩි 2ක් වගේ ෆ්‍රයි කරගෙන පැත්තකින් තියන්න.
- දැන් වයිට් සෝස් එක හදාගන්න වෙනම පෑන් එකක් රත්වෙන්න තියල බටර් දාලා දියවෙනකොට පාන්පිටි මේස හැන්දක් දාගන්න.
- හොඳට හැඳි ගාලා කැටි නැතිවෙන තරමට ක්‍රීම් එකක් වගේ හැදුනම හෙවි ක්‍රීම් එකතු කරගන්න. උකුගතිය මදිනම් විතරක් ඉතිරි පිටි මේස හැන්ද දාගන්න.
- මේකට සුදු ගම්මිරිස්කුඩු, ගම්මිරිස්කුඩු, ලුණු එකතු කරගන්න.
- හොඳට කලවම් කරලා චිකන් ස්ටොක් මේස හැඳි 2ක් දාගන්න. දැන් මස්ටර්ඩ් ක්‍රීම් එකතු කරගන්න. හොඳට හැඳි ගාගන්න.
- සෝස් එක උකුවෙනකොට මීට්බෝල්ස් ටික එකතු කරලා උඩින් චොප්කරගත් පාස්ලි ටිකක් ඉසගන්න. ගාලික් බ්‍රෙඩ්, පාස්තා, ස්පැගති, නූඩ්ල්ස් වගේ ඕනම දෙයක් එක්ක මේක මැච් වෙනව.
No comments:
Post a Comment