Search This Blog

Sunday, June 28, 2020

යෝගට් කේක්

අවශ්‍ය ද්‍රව්‍ය 


  1. යෝගට් ග්‍රෑම් 200
  2. බිත්තර 3
  3. සීනි ග්‍රෑම් 160
  4. වැනිලා තේ හැඳි 1
  5. ගාගත් දොඩම් පොතු තේ හැඳි 2
  6. පාන්පිටි ග්‍රෑම් 80
  7. බේකින් පව්ඩර් තේ හැඳි 1
  8. ලුණු පින්ච් එකක්
  9. එළවළු තෙල් කෝප්ප 1/2

  • යෝගට් ටික විස්ක් කරගෙන ඒකට බිත්තර ටික දාලා බීට් කරගන්න.
  • ටිකකින් සීනි දාලා සීනි කැට දියවෙනකල් හොඳට බීට් කරගන්න. ඊලඟට දොඩම් පොතු හා වැනිලා ටික දාගන්න. 
  • පාන්පිටි වලට බේකින් පව්ඩර් හා ලුණු ටික දාගෙන එකපාරක් හලාගෙන ඒක බිත්තර සහ යෝගට් මිශ්‍රණයට එකතු කරන්න.
  • ඊට පස්සෙ එළවළු තෙල් ටික දාගන්න. හොඳට විස්ක් කරගන්න විනාඩි 10ක් විතර.
  • කේක් ට්‍රේ එකට ඔයිල් ටිකක් බ්‍රශ් කරලා පිටි ටිකක් ඉසගෙන කේක් බැටර් එක දාගෙන 180°ට විනාඩි 30ක් බේක් කරගන්න.

No comments:

Post a Comment