Search This Blog

Sunday, June 28, 2020

යෝගට් ඩෝනට්ස්

අවශ්‍ය ද්‍රව්‍ය 


  1. යෝගට් එකක්
  2. සම්පූර්ණ බිත්තර 1
  3. බිත්තර කහමද 1
  4. අයිසින් ෂුගර් මේස හැඳි 2 1/2
  5. ලුණු පින්ච් එකක්
  6. පාන්පිටි කෝප්ප 1/2
  7. බේකින් පව්ඩර් තේ හැඳි 1
  8. බැදගැනීමට තෙල්
  9. සීනි මේස හැඳි 2
  10. කුරුඳු කුඩු පින්ච් එකක්

  • යෝගට් වලට බිත්තරය හා බිත්තර කහමදය දාලා හොඳට විස්ක් කරගන්න. ඊලඟට අයිසින් ෂුගර් හා ලුණු එකතු කරලා කලවම් කරගන්න.
  • වෙනම බෝල් එකක පාන්පිටි වලට බේකින් සෝඩා එකතු කරලා හොඳට කලවම් කරගන්න. ඒ ටික ‍යෝගට් මිශ්‍රණයට දාලා බැටර් එකක් හදාගන්න.
  • දියාරු වැඩි නම් තව පිටි ටිකක් දාගන්න. ගොඩක්ම තික් කරගන්නත් එපා. 
  • දැන් තෙල් ටිකක් ලිපේ තියලා රත්වෙනකොට මේ බැටර් එකෙන් හැන්දක් අරන් තෙලට දාගන්න.ඔය වගේ තාච්චියේ තැනින් තැනට බැටර් එකෙන් ටික ටික දාලා ගැඹුරු තෙලේ බැදගන්න.
  • සීනි වලට කුරුඳු කුඩු කලවම් කරලා මේ බැදගත් ඩෝනට් උණුවෙන්ම සීනි වල තවරලා කෑමට ගන්න.

No comments:

Post a Comment