Search This Blog

Monday, June 29, 2020

ඔම්ලට් බ්‍රෙඩ්

අවශ්‍ය ද්‍රව්‍ය 


  1. සැන්ඩ්විච් පාන් පෙති කිහිපයක්
  2. බිත්තර 1
  3. ලුණු පින්ච් එකක් 
  4. චොප්කරගත් ළූණු ගෙඩි 1/2
  5. චොප්කරගත් බෙල්පෙපර් පාට 3න්ම මේස හැඳි 2 බැගින්
  6. ගම්මිරිස්කුඩු පින්ච් එකක් 
  7. ග්‍රේට් කරගත් මොසරැල්ලා චීස් ටිකක්

  • බිත්තර කඩලා, ලුණු ටිකක් දාලා ගෑරප්පුවකින් බීට් කරගන්න. පාන් පෙති අරන් ඒක මැදින් කොටුවක් වගේ කපාගන්න.
  • පෑන් එකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට ළූණු ටික දාලා ෆ්‍රයි වෙන්න දෙන්න. ඊලඟට බෙල්පෙපර් ටික එකතු කරගන්න.
  • මේ ටික හොඳට තැම්බුනාම පෑන් එකෙන් ඉවත් කරන්න.
  • ඒ පෑන් එකටම මැදින් කොටුවක් අයින් කරපු පාන් පෙත්තක් තියල හදාගත්ත බෙල්පෙපර් මිශ්‍රණයෙන් ටිකක් දාගන්න කොටුව පිරෙන්න.
  • ඒක උඩට බීට් කරපු බිත්තර ටිකක් දාගෙන, ග්‍රේට් කරගත් මොසරැල්ලා චීස් දාගෙන, පාන් පෙත්තෙන් කපා ඉවත් කරගත් පාන් කොටුවෙන් වසාගෙන දෙපැත්ත ෆ්‍රයි කරගන්න.

No comments:

Post a Comment