අවශ්‍ය ද්‍රව්‍ය
- මීට්බෝල්ස්
- පාන්පිටි
- තක්කාලි කෙචප්
- ග්‍රේට් කරගත් මොසරැල්ලා චීස්
- මෙල්ට් කරගත් බටර් ටිකක්
- චොප්කරගත් පාස්ලි ටිකක්
- චොප්කරගත් සුදුළූණු මේස හැඳි 2
මුලින්ම පාන්පිටි ඩෝ එක සාදා ගනිමු.
- පාන්පිටි කෝප්ප 1කට ලුණු ටිකක් සහ වතුර ටික ටික දාලා අතේ නොඇලෙන ඩෝ එකක් අනාගෙන පැත්තකින් තියන්න.
- මීට්බෝල්ස් ටිකක් පෑන් ෆ්‍රයි කරගන්න. දැන් ඩෝ එක තුනී කරලා රවුම් කපාගෙන එක එක රවුමේ කෙචප් ටිකක් ගාලා, මොසරැල්ලා චීස් ටිකක් දාලා මීට් බෝල් එකක් තියලා ඔතාගන්න.
- මේක බේකින් පෑන් එකේ එක ලඟ එකට ඇලෙන විදිහට රවුමට අතුරගන්න.
- මෙල්ට් කරගත්ත බටර් වලට පාස්ලි හා සුදුළූණු කලවම් කරලා බ්‍රශ් එකකින් හදපු රින්ග් එකේ උඩ ගාගන්න. දැන් මේක 180°Cට විනාඩි 20ක් බේක් කරගන්න.
No comments:
Post a Comment