පරිප්පු මැල්ලුම්
අවශ්‍ය ද්‍රව්‍ය
- පරිප්පු ග්‍රෑම් 100
- ගාගත් පොල් කෝප්ප 1
- සුදුළූණු බික් 4
- රතුළූණු ගෙඩි 3
- අමුමිරිස් කරල් 2
- ගොරකා කෑල්ලක්
- කරපිංචා
- කහකුඩු තේ හැඳි 1
- ලුණු
- කුරුඳුපොතු කෑල්ලක්
- වියලි මිරිස් කරල් 3
- අබ ස්වල්පයක්
- පරිප්පු වලට වතුර එකතු කරල බෙරි නොවෙන්න තම්බගන්න. සුදුළූණු, රතුළූණු, අමුමිරිස්, ගොරකා, කහකුඩු, කරපිංචා, කුරුඳුපොතු, ලුණු දාලා අඹරලා ඒකට පොල් ටිකත් දාලා අඹරගන්න.
- පරිප්පු බෙරි නොවෙන්න හොඳට තැම්බුනාම පොල් මැල්ලුම එකතු කරන්න.
- වෙනම භාජනයක තෙල් ටිකක් ලිපේ තියලා රත්වෙනකොට අබ ටික දාලා ටිකකින් වියළි මිරිස් ටික කඩලා දාගන්න. මේ තෙම්පරාදුවට පරිප්පු දාලා කලවම් කරගන්න.
No comments:
Post a Comment