බුත්සරණ අල
බුත්සරණ ශාකයේ කොළ හා මල් කැනාස් ගස් වලට සමාන නිසා ලංකා කැනාස් කිව්වත් නියම නම බුත්සරණ. රෝග සුවපත් කිරීමට වඩා රෝග සෑදීම වැළැක්වීමේ ගුණ මේ අල සතුයි. ඒ වගේම දේශීය වෙදකමට ගොඩාක් උපකාරී ශාකයක් තමයි මේ.
බුත්සරණ අල මැල්ලුම්
අවශ්‍ය ද්‍රව්‍ය
- බුත්සරණ අල ග්‍රෑම් 200
- ගාගත් පොල් කෝප්ප 1
- කහකුඩු තේ හැඳි 1/2
- අබ ස්වල්පයක්
- සූදුරු ස්වල්පයක්
- කුරුඳු පොතු කෑල්ලක්
- චොප්කරගත් රතුළූණු ගෙඩි 2
- කපාගත් සුදුළූණු බික් 4
- අල ටික සෝදලා පොත්ත අයින් කරගන්න. තරමක කෑලි වලට කපාගන්න. අබ, සූදුරු, කුරුඳු පොතු, සුදුළූණු, ලුණු හා කහකුඩු එකතු කරලා අඹරගන්න. මේකට පොල් ටිකත් දාලා තවත් හොඳට අඹරගන්න.
- වතුර ටිකක් දාලා අල ටික තම්බගන්න. ලුණු එකතු කරගන්න. හොඳට තැම්බිලා නම් වැඩිපුර වතුර අයින් කරගන්න. මේකට අඹරාගත් පොල් මැල්ලුම එකතු කරගෙන ටිකක් වෙලා ලිපේ තියලා කලවම් කරලා පොල් මැලවුනාම ලිප ඕෆ් කරගන්න.
No comments:
Post a Comment