මුං කැවුම්
අවශ්‍ය ද්‍රව්‍ය
- මුං ඇට ග්‍රෑම් 250
- සීනි ග්‍රෑම් 250
- හාල්පිටි ග්‍රෑම් 100
- පැණි බෝතල් 1/2
- මුං ඇට ටික කබලෙ බැදලා කුඩු කරගන්න. භාජනයක් ලිපේ තියලා සීනි හා පැණි දාලා උණු කරගන්න.
- මේකෙන් පැණි ටිකක් අයින් කරගන්න. ඉතිරි පැණි එක ටිකක් නිවෙන්න තියල හාල්පිටි හා මුං පිටි එකතු කරලා හැඳි ගාගන්න.
- පිටි මදිනම් තව දාල, පැණි මදි නම් අයින් කරපු පැණි දාල අතේ නොඇලෙන පදමට හදාගන්න. දැන් පිටි ඉසගත් ලෑල්ලක තුනී කරලා කිරිබත් කෑලි හැඩයට පොඩියට කපාගන්න.
බැටර් එකට
- හාල්පිටි ග්‍රෑම් 100
- මිටිකිරි කෝප්ප 1
- කහ ස්වල්පයක්
- මේ ටික කලවම් කරලා උකු බැටර් එකක් හදාගන්න. කපාගත් මුං කැවුම් කෑලි බැටර් එකේ දාලා, රත් වුණු තෙලේ බැදලා ගන්න.
No comments:
Post a Comment