චොක්ලට් ලාවා පෑන්කේක්
අවශ්‍ය ද්‍රව්‍ය
- හෙවි ක්‍රීම් කෝප්ප 1
- ඩාක් චොක්ලට් චිප්ස් කෝප්ප 1
- බිත්තර කහමද 2
- බිත්තර සුදුමද 4
- සීනි මේස හැඳි 2
- මෙල්ටඩ් බටර් මේස හැඳි 3
- කිරි කෝප්ප 1 1/2
- පාන්පිටි කෝප්ප 2
- බේකින් පව්ඩර් තේ හැඳි 2
- ලුණු පින්ච් එකක්
- හෙවි ක්‍රීම් වලට චොක්ලට් ඩබල් බොයිල් කරලා දාගෙන කලවම් කරගන්න.
- ගලවගන්න පහසු මෝල්ඩ් එකකට චොක්ලට් ටික දාලා ෆ්‍රීස් කරගන්න.
- බිත්තර කහමද හා සීනි විස්ක් කරගන්න. මේකට මෙල්ටඩ් බටර් සහ කිරි දාලා හොඳට කලවම් කරගන්න.
- පාන්පිටි වලට බේකින් පව්ඩර් හා ලුණු දාලා කලවම් කරලා බිත්තර මිශ්‍රණයට දාගන්න. බිත්තර සුදුමද ටික වෙනම බඳුනක හිම වෙනකල් බීට් කරලා මේකට එකතු කරගන්න.
- නන්ස්ටික් පෑන් එකට බටර් ටිකක් දාලා, බැටර් එකෙන් ටිකක් දාලා, ෆ්‍රීස් කරගත් චොක්ලට් කෑල්ලක් මැද්දට තියල උඩින් තව බැටර් ටිකක් දාලා චොක්ලට් කෑල්ල වසාගන්න. දෙපැත්තම ෆ්‍රයි කරගන්න.
No comments:
Post a Comment