Search This Blog

Sunday, June 28, 2020

කිරිබනිස්

අවශ්‍ය ද්‍රව්‍ය


  1. පාන්පිටි ග්‍රෑම් 200
  2. කිරිපිටි මේස හැඳි 04
  3. බටර්/මාජරින් මේස හැඳි 02
  4. වතුර මේස හැඳි 06
  5. බිත්තර 01
  6. සීනි තේ හැඳි 01
  7. යීස්ට් තේ හැඳි  01
  8. ලුණුකුඩු තේ හැඳි 1/4

  • පාන්පිටි හා කිරිපිටි කලවම් කර හලාගන්න.
  • කෝප්පයකට යීස්ට් හා සීනි දමා මද රස්නේ වතුර මේස හැඳි 05ක් එක්කර කලවම් කර විනාඩි 10ක් පමණ තබන්න. බිත්තරය ගසා ගෙන යීස්ට්  සහිත කෝප්පයට දමා හොඳින් කලවම් කර පිටි සහිත භාජනයට දමන්න. ඊට බටර් හා ලුණු එකතු කර මිශ්‍රණය හොඳින් අනාගන්න.
  • පසුව භාජනයක තෙල් ටිකක් ගා මෙම මෝලිය විනාඩි 45ක් පමණ වසා තබන්න. පාන්පිටි ඉසින ලද ට්‍රේ එකක් ගෙන එය මත මිශ්‍රණය තබා වෘත්තාකාර ලෙස පැතලි කර පිහියක පාන් පිටි ගා සමාන කොටස් 6 කට කපා ගන්න. කෑල්ලෙන් කෑල්ල ගෙන වටේ කොටස් ඇඟිල්ලෙන් යටට යවමින් බෝලයක් ආකාරයට සකසන්න. 
  • ස්ටීම් කරන භාජනයට තෙල් කොලයක්  දමා එම බෝල 06 එකට තබන්න.
  • දැන් හොඳින් වැසෙන පියනක් සහිත භාජනයකට ජලය දමා යකඩ ආධාරකයක් තබන්න. එම ආධාරකයට පොඩ්ඩක් අඩුවෙන් ජලය දමා ජලය නටන විට ආධාරකය මත බනිස් සහිත භාජනය තබා හොඳින් වසන්න. පියන රෙද්දකින් ඔතා ගැනීමෙන් ජල වාෂ්​ප බනිස් මත වැටීමෙන් වැළකෙයි. විනාඩි 16ක් පම​ණ මෙසේ හුමාලයෙන් තම්බා ගෙන ලිප වසා දමා තවත් විනාඩි 03ක් පමණ තිබෙන්නට හරින්න.

No comments:

Post a Comment