Search This Blog

Monday, June 29, 2020

ඩෝනට්ස්

අවශ්‍ය ද්‍රව්‍ය 


  1. පාන්පිටි ග්‍රෑම් 500
  2. ඊස්ට් තේ හැඳි 3
  3. මෙල්ට් කරගත් බටර් මේස හැඳි 2
  4. මද රස්නෙ වතුර කෝප්ප කාලක් වගේ
  5. බිත්තර 1
  6. සීනි මේස හැඳි 3
  7. ලා රස්නෙ කිරි කෝප්ප 3/4
  8. ලුණු

  • ඊස්ට් වලට මද රස්නෙ වතුර ටිකක් දාලා ඒකට පාන්පිටි මේස හැඳි 2ක් දාලා කලවම් කරගන්න. හොඳ උකු මිශ්‍රණයක් තමයි ඕනේ. මේක විනාඩි 20ක් පිපෙන්න තියන්න.
  • පාන්පිටි වලට මෙල්ටඩ් බටර්, බිත්තරය, සීනි, ලුණු දාලා කලවම් කරගන්න. මේකට පිපුණු ඊස්ට් ටික කලවම් කරගන්න.
  • ඉන්පසු කිරි ටික ටික කලවම් කරමින් අතේ නොඇලෙන ඩෝ එකක් හදාගන්න. මේ ඩෝ එක තෙත රෙදි කෑල්ලකින් වහලා පැයක් තියන්න.
  • පැයකින් පස්සෙ හොඳට පිපිලා තියන මිශ්‍රණය පිටි ඉසගත් ලෑල්ලක තබා තුනී කර ඩෝනට් කටර් එකකින් හෝ රවුමකින් කපාගන්න.
  • ඒ කපාගත් රවුම ඇතුලෙන් තවත් පොඩි රවුමක් කපාගන්න ඩෝනට් එකේ මැද හිල හැදෙන විදියට. මේ ඩෝනට් තවත් විනාඩි 20ක් පිපෙන්න තියලා ගැඹුරු තෙලේ බැදගන්න.

චොක්ලට් සෝස් එක සඳහා

  1. කුකින් චොක්ලට් කෑලි 5ක්
  2. ෆ්‍රෙශ් මිල්ක් මේස හැඳි 2
  3. සැරසීමට ස්ප්‍රින්කල්ස්

  • කුකින් චොක්ලට් ටික ඩබල් බොයිල් කරලා ඒකට කිරි ටික එකතු කරලා කලවම් කරලා සෝස් එක හදාගන්න.
  • දැන් බැදගත් ඩෝනට් එකින් එක අරගෙන ඩෝනට් එකේ පැත්තක් වැහෙන්න තවරගන්න.
  • ස්ප්‍රින්කල්ස් ඉහගන්න. එහෙම නැත්තන් ඔයාලා කැමති විදිහකට සරසගන්න පුළුවන්.

No comments:

Post a Comment