කොකිස්
අවශ්‍ය ද්‍රව්‍ය
- හාල්පිටි ග්‍රෑම් 250
- බිත්තර 1
- කහ තේ හැඳි 1/2
- මිටිකිරි කෝප්ප 2
- ලුණු
- ලියාගත් කරපිංචා ටිකක් කැමති නම්
- මේ ඔක්කොම කලවම් කරලා මිටිකිරි දාලා උකු බැටර් එකක් හදාගන්න. ලුණු රස අනුව දාගන්න.
- තෙල් තාච්චිය ලිපේ තියලා කොකිස් අච්චුව තාච්චිය ඇතුළෙ ටිකක් වෙලා තියලා රත් කරගන්න.
- දැන් කොකිස් අච්චුව අරගෙන තෙල් ටිකක් ගසලා කොකිස් බැටර් එකේ සම්පූර්ණයෙන්ම ඇතුළට ඔබන්නෙ නැතුව අච්චුවේ උසෙන් 3/4ක් වගේ බැටර් එක තවර ගන්න.
- දැන් මේක තෙල් එකේ ඔබාගන්න. හැබැයි අඩියෙ ගෑවෙන්න දෙන්න එපා. එහෙම උනොත් කොකිස මුක්කන් වෙනව.
- කොකිස බැදීගෙන එනකොට ඉරටුවක් හෝ කූරක් ආධාරයෙන් කොකිස අච්චුවෙන් ගලවගන්න පුළුවන්. දැන් දෙපැත්ත හරවමින් බැදගෙන තෙල් බේරගන්න. කොකිස් අච්චු පදම් කරන්න අමාරු අයට නන්ස්ටික් අච්චු තියෙනවා දැන් වෙළඳපලේ.
No comments:
Post a Comment