සී ෆුඩ් ෆ්‍රයිඩ් රයිස්
අවශ්‍ය ද්‍රව්‍ය
- බාස්මතී හාල් කිලෝ 1
- රවුමට කපාගත් දැල්ලො ග්‍රෑම් 250
- පිරිසිදු කරගත් ඉස්සො ග්‍රෑම් 250
- පොඩියට කපාගත් තලපත් මාළු ග්‍රෑම් 200
- ග්‍රේට් කරගත් කැරට් කප් 1/2
- තම්බගත්ත ග්‍රීන් පීස් කප් 1/2
- ළූණු කොළ කෝප්ප 1/2
- සෝයා සෝස්
- ඔයිස්ටර් සෝස්
- බටර් ටිකක්
- ගම්මිරිස්කුඩු
- ලුණු
- කෑලි මිරිස් මේස හැඳි 1(කැමති නම්)
- චොප්කරගත් ඉඟුරු සුදුළූණු පේස්ට් එක
- දෙහි යුෂ
- බීට් කරගත් බිත්තර 4
- තලතෙල්
- සීනි තේ හැන්දක්
- මුලින්ම බාස්මතී හාල් ටික හෝදලා වතුර බේරල පැය බාගයක් පෙඟෙන්න තියන්න.
- ලුණු, බටර් එක්ක පොඩි සේර කෑල්ලක් දාල බත බෙරි නොවෙන්න උයාගන්න. දවල් බතට මේ මෙනූ එක හදනව නම් බත් එක උදෙන්ම උයල නිවල ෆ්‍රිජ් එකට දාල තියල ගන්නව නම් වඩා හොඳයි.
- ඉස්සො, මාළු හා දැල්ලො දෙහි යුෂ ටිකක් අතගාලා තියාගන්න.
- භාජනයකට තෙල් ටිකක් දාලා ඒකටම තල තෙල් තේ හැන්දක් විතර දාල ඒකට මුලින්ම මාළුත්, මාළු ටික යන්තම් බැදෙන කොට ඉස්සො සහ දැල්ලොත් එකතු කරන් හොඳින් බැදගන්න.
- ඒකට ඉඟුරු, සුදුළූණු පේස්ට් එක දාගන්න. ඉස්සොන්ගෙන් උනපු වතුර ගතිය අඩු උනාම බීට් කරපු බිත්තර දාල ස්ක්‍රැම්බල් කරගන්න.
- මේකට ඔයිස්ටර් සෝස් සහ සෝයා සෝස් එක්ක කැරට් සහ ග්‍රීන්පීස් ටික දාගන්න. සීනි ටිකත් දාල හොඳට මික්ස් කරන්න. කැමති නම් කෑලි මිරිස් එකතු කරන්න.
- තව තල තෙල් තේ හැන්දක් මේකට එකතු කරගෙන, උයාගත්ත බත් එකතු කරන් වැඩි ගින්දරේ හොඳට මික්ස් කරන්න. රස අනුව ලුණු ගම්මිරිස් එකතු කරන්න.
- අන්තිමට ළූණු කොළ ටික දාල කලවම් කර ගන්න.
No comments:
Post a Comment