ෆ්‍රෙශ් සැලඩ්
අවශ්‍ය ද්‍රව්‍ය
- කොටුවට කපාගත් පිපිඤ්ඤා ගෙඩි 1
- සලාද කොළ
- කොටුවට කපාගත් තක්කාලි
- කොටුවට කපාගත් කොළ ඇපල් ටිකක්
- කොටුවට කපාගත් අන්නාසි ගෙඩි 1
- ලුණු
- ගම්මිරිස්කුඩු
- දෙහි යුෂ මේස හැඳි 3
- සීනි තේ හැන්දක්
- වර්ජින් ඔලිව් තෙල් තේ හැන්දක්
- සලාද කොළ
- දෙහි, ඔලිව් තෙල්, රස අනුව ලුණු, සීනි සහ ගම්මිරිස්කුඩු එකට එකතු කරන් ගෑරප්පුවකින් හොඳින් ගසාගන්න.
- කොළ ඇපල් කපා අයිස් වතුරේ දමා වතුර බේරාගන්න.
- එළවළු පළතුරු සියල්ල එකට මිශ්‍ර කරලා, හදාගත් සැලඩ් ඩ්‍රසින් එක උඩින් දමා මිශ්‍ර කර සලාද කොළ අතුරපු ප්ලේට් එකක පිළිගන්වන්න.
No comments:
Post a Comment