බ්‍රවුනී ෆජ් කුකීස්
අවශ්‍ය ද්‍රව්‍ය
- දුඹුරු සීනී කෝප්ප 1 1/2
- බිත්තර 2
- මෙල්ටඩ් බටර් කෝප්ප 1/2
- මෙල්ටඩ් කුකින් චොක්ලට් කෝප්ප 1/2
- වැනිලා තේ හැඳි 1
- පාන්පිටි කෝප්ප 1
- බේකින් සෝඩා තේ හැඳි 1
- ලුණු පින්ච් එකක්
- චොක්ලට් චිප්ස් (ඩාර්ක් / වයිට්)
- දුඹුරු සීනි වලට බටර් දමා සීනි දියවෙනකම් බීට් කරගන්න. මේකට බිත්තර එකතු කරගෙන බීට් කරන්න.
- බිත්තර මික්ස් උනාම මෙල්ට් කරගත් චොක්ලට් සහ වැනිලා දාගන්න.
- පාන්පිටි වලට ලුණු, බේකින් සෝඩා මිශ්‍ර කරගන්න. ඒක බිත්තර මික්ස් එකට එකතු කරල හොඳින් කලවම් කරගෙන අන්තිමට චොක්ලට් චිප්ස් එකතු කරගන්න.
- දැන් මේක විනාඩි 15ක් වගේ ෆ්‍රිජ් එකේ තියාගන්න.
- බේකින් ට්‍රේ එකකට බටර් ටිකක් ගාලා තැන් තැන් වලින් මිශ්‍රණය තියාගෙන විනාඩි 15ක් 180°Cට බේක් කරගන්න.
No comments:
Post a Comment