කව්පි කට්ලට්
අවශ්‍ය ද්‍රව්‍ය
- තම්බාගත් කව්පි කෝප්ප 1
- පොඩි කරගත් සැමන් කප් 1/2
- චොප්කරගත් ළූණු ගෙඩි 1
- චොප්කරගත් අමුමිරිස් කරල් 2
- කෑලිමිරිස් තේ හැඳි 1
- කහකුඩු
- ලුණු රස අනුව
- ගම්මිරිස් කුඩු සැර අනුව
බැටර් එකට
- පාන්පිටි ස්වල්පයක්
- ලුණු
- කහ
- බිස්කට් කුඩු
- බැදගැනීමට තෙල්
- මුලින්ම තෙල් ටිකක් ලිපේ තියලා ළූණු හා අමුමිරිස් තෙම්පරාදු කරගන්න.
- මේකට කෑලිමිරිස් හා කහකුඩු දාලා කලවම් කරගෙන සැමන් එක්ක තම්බා පොඩි කරගත් කව්පි ටික දාලා කලවම් කරන්න.
- ලුණු හා ගම්මිරිස් කුඩු රස අනුව එකතු කරන්න. හොඳට මිශ්‍ර වෙලා ගුලි ගැහෙන ගාණට ආවම ලිපෙන් ඉවත් කරගන්න.
- බැටර් එක හදාගන්න පාන්පිටි වලට ලුණු හා කහ කුඩු ස්වල්පයක් දාලා වතුර ටිකක් දාලා බ්ලෙන්ඩ් කරගන්න.
- දැන් කව්පි මිශ්‍රණයෙන් පොඩි පොඩි බෝල හදලා පාන්පිටි බැටර් එකේ දාලා බිස්කට් කුඩු වල තවරගන්න. ඩබල් කෝට් කරල නම් වඩා හොඳයි.
- තෙල් ලිපේ තියලා හොඳින් රත් වුනාම කව්පි කට්ලට් බෝල ටික රන්වන් පාට වෙනකල් බැදගන්න.
No comments:
Post a Comment