කව්‍පි චිකන් රෝල්ස්
අවශ්‍ය ද්‍රව්‍ය
- බෙරි ගතියට තම්බාගත් කව්පි කෝප්ප 1
- තම්බාගත් කටු රහිත චිකන් කප් 1/2
- චොප්කරගත් අමුමිරිස් කරල් 1
- චොප්කරගත් රතුළූණු ගෙඩි 2
- හීනියට ලියාගත් කරපිංචා ටිකක්
- කෑලිමිරිස් තේ හැඳි 1
- ගම්මිරිස් කුඩු
- ලුණු
- වාටි කපාගත් පාන්පෙති අවශ්‍ය තරම්
- බැදගැනීමට තෙල්
- තෙල් ටිකක් රත්වෙන්න තියලා චොප්කරගත් අමුමිරිස්, රතුළූණු, කරපිංචා එක්ක පොඩි කරගත් චිකන් දාලා තෙම්පරාදු කරගන්න.
- ඒකට කෑලිමිරිස්, ගම්මිරිස් කුඩු හා රස අනුව ලුණු දාගෙන හොඳට කලවම් කරගන්න.
- දැන් මේකට බෙරි වෙන්න තම්බාගත් කව්පි ටික එකතු කරලා ඇට ගතිය නැතිවෙනකල් හොඳට පොඩි කරමින් මිශ්‍ර කරන්න.
- රෝලින් පින් එකක් ආධාරයෙන් පාන්පෙති ටික තුනී කරලා කව්පි මිශ්‍රණය පාන් පෙත්තෙ අයිනකින් තියලා දෙපැත්තෙන් නවාගෙන රෝල් කරගන්න.
- බිත්තර සාරු හෝ වතුර ටික ගාල අතින් තද කරල පාන් පෙත්තෙ කෙලවර අලවගන්න.
- තෙල් ලිපේ තියලා රත්වෙනකොට පාන් රෝල් ටික තෙලට දාල රන්වන් පාට වෙනකොටම එළියට ගන්න. පාන් ඉක්මනට බැදෙන නිසා අවධානයෙන් මේ වැඩේ කරන්න.
No comments:
Post a Comment