මුං මස්
අවශ්‍ය ද්‍රව්‍ය
මුං මිශ්‍රණයට
- මුං ඇට ග්‍රෑම් 200
- කරපිංචා
- සුදුළූණු බික් 3-4
- චොප්කරගත් බී ළූණු ගෙඩි 1
- චොප්කරගත් අමුමිරිස් කරල් 2
- ගම්මිරිස්කුඩු ටිකක්
- ලුණු
කරියට
- ඉඟුරු සුදුළූණු පේස්ට් එක
- මිරිස්කුඩු තේ හැඳි 2
- කහකුඩු තේ හැඳි 1/2
- ගම්මිරිස්කුඩු ටිකක්
- ලුණු
- අමු තුනපහකුඩු තේ හැඳි 1/2
- ගොරකා කෑලි 3
- චොප්කරගත් ළූණු ටිකක්
- උළුහාල් ස්වල්පයක්
- සූදුරු ස්වල්පයක්
- මිටිකිරි කෝප්ප 1
- බැදපු තුනපහකුඩු ටිකක්
- රම්පේ කෑල්ලක්
- මුං ඇට රැයක් පෙඟෙන්න දාලා අරගෙන මුං මිශ්‍රණයට කිව්ව ඔක්කොම දාලා ග්‍රයින්ඩ් කරගන්න. දැන් ස්ටීම් කරන්න පුළුවන් තැටියක කෙසෙල් කොළයක් දාල හරි බටර් ගාගත් ලන්ච් ශීට් එකක් හරි දාලා ඒකට මේ මික්ස් එක දාලා තරමක් මහතට තුනී කරගෙන විනාඩි 30ක් ස්ටීම් කරගන්න. ඊට පස්සෙ කෑලි කපාගන්න.
- තෙල් ටිකක් භාජනයකට දාලා රත්වෙනකොට ළූණු, ඉඟුරු සුදුළූණු පේස්ට් එක දාලා තෙම්පරාදු කරගන්න. ටිකකින් උළුහාල්, සූදුරු, ගොරකා සහ රම්පේ එකතු කරගන්න.
- මිරිස්කුඩු, තුනපහකුඩු, කහකුඩු, ගම්මිරිස්කුඩු හා ලුණු රස අනුව දාගන්න. හොඳට මිශ්‍ර කරල ස්ටීම් කරපු මුං කෑලි ඇතිලියේ අතුරගන්න.
- කිරි ටික දාලා උතුරනකොට බැදපු තුනපහකුඩු ටිකක් උඩින් ඉහලා අවශ්‍ය ගාණට කරිය හිටින්න හින්දගෙන ලිප ඕෆ් කරගන්න.
No comments:
Post a Comment