හකුරු මිශ්‍ර මුං ඇට කැඳ
අවශ්‍ය ද්‍රව්‍ය
- මුං ඇට කෝප්ප 1/2
- සුදු කැකුළු හාල් කෝප්ප කාලක්
- ගාගත් හකුරු ග්‍රෑම් 200
- දියකිරි කෝප්ප 2
- මිටිකිරි කෝප්ප 2
- රුලං මේස හැඳි 2
- සව් මේස හැඳි 2
- කජු ටිකක්
- වියලි මිදි ටිකක්
- ලුණු
- මුංඇට රැයක් පෙඟෙන්න දාලා වතුර කෝප්ප 2ක් දාලා තැම්බෙන්න තියන්න. සව් ටික සෝදලා පෙඟෙන්න දාගන්න. කජු ටික පොඩියට කපාගන්න.
- මුංඇට තැම්බීගෙන එනකොට ඒකටම සුදුහාල් ටික දාගෙන හාල් ටික තැම්බෙන්න තියන්න.
- භාජනයක් ලිපේ තියලා හකුරු හා දියකිරි වලින් කොටසක් දාලා රත්කරගන්න. හකුරු දිය වුණාම ලිපෙන් අයින් කරල හකුරු මිශ්‍රණය පෙරාගන්න.
- හොඳට තැම්බුනාම මුංඇට ටික ලී හැන්දකින් පොඩි කරගන්න.
- මේකට පෙඟෙන්න තිබ්බ සව් ටික සහ ඉතිරි දියකිරි ටිකත් දාලා සව් තැම්බෙනකල් හැඳිගාගන්න.
- මේකටම හකුරු මිශ්‍රණය, වියලි මිදි හා කජු ටික එකතු කරගන්න. හොඳට හැඳිගාලා රුලං එකතු කරන්න. රස අනුව ලුණු දාලා අන්තිමට මිටිකිරි ටික දාලා උතුරවගන්න.
No comments:
Post a Comment