පෙපර් පෝක්
අවශ්‍ය ද්‍රව්‍ය
- සූදුරු ඇට තේ හැඳි කාලක්
- ගම්මිරිස් ඇට තේ හැන්දක්
- කුරුඳු පොතු කෑල්ලක්
- කරාබුනැටි 2-3
- කරපිංචා කොළ ටිකක් (කරපිංචා ඇතුළු ඉහත ද්‍රව්‍ය ඔක්කොම කබලෙ බැදලා කුඩු කරගන්න)
- පෝක් ග්‍රෑම් 500
- කහ කුඩු තේ හැඳි 1/2
- ලුණු
- දෙහි යුෂ තේ හැන්දක්
- සුදුළූණු බික් 4-5
- ඉඟුරු පොඩි කෑල්ලක්
- කපාගත් අමුමිරිස් කරල් 2
- කොටුවට කපාගත් ළූණු ගෙඩි 1
- සෝයා සෝස් මේස හැඳි 1
- පෝක් ටික පොඩි කෑලිවලට කපාගෙන සාදාගත් පහේ කුඩු එක හා කහකුඩු එක් කරගන්න. ලුණු හා දෙහිත් එක්කර කලවම් කරගන්න. පැය භාගයක් මැරිනේට් කරගන්න.
- සුදුළූණු, ඉඟුරු හා වතුර ස්වල්පයක් එක්කර ග්‍රයින්ඩ් කර ගාලික් පේස්ට් එක හදාගන්න.
- පෑන් එකක් ලිපේ තියලා මැරිනේට් කරගත් පෝක් ටික දාලා ෆ්‍රයි කරගන්න. මේකට වතුර කෝප්ප 1ක් එකතු කරගන්න. පෝක් ටික තැම්බෙනකල් වහලා තියන්න.
- වෙනම පෑන් එකකට තෙල් ටිකක් දාලා අමුමිරිස් හා ළූණු ටික දාගන්න. මේ ටික පෑන් එකෙන් අයින් කරලා ඉඟුරු, සුදුළූණු පේස්ට් එක ඒ පෑන් එකටම දාගන්න. ටිකකින් සෝයා සෝස් ටිකත් දාගන්න. දැන් කුක් කරගත් පෝක් ටික දාලා මද ගින්නෙ පිසගන්න.
- මේකට අයින් කරගත් ළූණු ටික එකතු කරන්න. හොඳට තෙම්පරාදු කරගෙන ලිපෙන් බාගන්න.
No comments:
Post a Comment