චොක්ලට් පෑන් කේක්
අවශ්‍ය ද්‍රව්‍ය
- බිත්තර කහමද 3
- බිත්තර සුදුමද 3
- සීනි මේස හැඳි 3
- කිරි කෝප්ප 1/2
- වැනිලා ටිකක්
- මෙල්ටඩ් බටර් මේස හැඳි 4
- පාන් පිටි කෝප්ප 1 1/2
- චොක්ලට් පව්ඩර් ග්‍රෑම් 30
- බේකින් පව්ඩර් පින්ච් එකක්
- ග්‍රේට් කරගත් චොක්ලට් ග්‍රෑම් 100
- ෆ්‍රෙශ් ක්‍රීම් කෝප්ප 1
- ඩාක් චොක්ලට් ග්‍රෑම් 150
- බිත්තර කහමද වලට සීනි දාලා හොඳට විස්ක් කරගන්න. ඊලඟට කිරි හා වැනිලා ටික එකතු කරලා කලවම් කරගන්න.
- බිත්තර සුදුමද ටික හිම වෙනකල් බීට් කරලා එයට එකතු කරගන්න. මේකටම මෙල්ට් කරගත් බටර් ටික දාගන්න.
- වෙනම බෝල් එකකට චොක්ලට් පව්ඩර්, බේකින් පව්ඩර් හා පිටි දාල එකට කලවම් කරගන්න.
- මේ පිටි එකට බිත්තර මිශ්‍රණය දාලා කලවම් කරගන්න.
- ග්‍රේට් කරගත් චොක්ලට් ටිකත් එකතු කරගන්න.
- ෆ්‍රෙශ් ක්‍රීම් ටික ටිකක් රත් කරලා ඒකට ඩාක් චොක්ලට් ටික දාලා දියකරගෙන වෙනම තියාගන්න.
- නන්ස්ටික් පෑන් එක ලිපේ තියලා බටර් ටිකක් ගාලා බැටර් එකෙන් ටිකක් දාලා දෙපැත්ත ෆ්‍රයි කරලා ගන්න.
- මේකට උඩින් හදාගත්තු චොක්ලට් සෝස් එක වක්කරගෙන පිළිගන්වන්න.
No comments:
Post a Comment