Fluffy Pancake
අවශ්‍ය ද්‍රව්‍ය
- පාන්පිටි කෝප්ප 4
- බේකින් පව්ඩර් මේස හැඳි 4
- කිරි කෝප්ප 4
- බිත්තර කහමද 3
- මෙල්ටඩ් බටර් කෝප්ප 3/4
- බිත්තර සුදුමද 4
- පාන්පිටි වලට බේකින් පව්ඩර් දාලා හලාගන්න.
- කිරි වලට බිත්තර කහමද, බටර් එකතු කර විස්ක් කරගන්න. බිත්තර සුදුමද ටික වෙනම බීට් කරගන්න හිම වගේ මිදෙනකල්.
- දැන් පාන්පිටි එකට බිත්තර කහමද මිශ්‍රණය දාලා කලවම් කරගන්න.
- අන්තිමට බීට්කරගත් සුදුමද ටික දාලා පත්තෙන් පෙරලමින් කලවම් කරගන්න.
- නන්ස්ටික් පෑන් එකක් ලිපේ තියලා බටර් ටිකක් ගාලා රත්වෙනකොට බැටර් එකෙන් ටිකක් දාගන්න. ගින්දර අඩුම කරලා එක පැත්තක් විතරක් පුළුස්සගන්න. ටූත් පීක් එකක් ගහල මැද තැම්බිලාද බලන්න. මේ පෑන් කේක් එක දෙපැත්තම පිච්චෙන්න දාන්නෙ නෑ.
No comments:
Post a Comment