රුධිර නාල වල ලේ කැටි ගැසීම වළක්වන, අධි රුධිර පීඩනය වළක්වන, ඇඟ සිසිල් කරන ගුණයන්ගෙන් පිරි දංදිල බැක්ටීරියා වල එරෙහිවත් ක්‍රියාකිරීමට සමත්. අර්ශස් රෝග තියන අයටත් කියාපු කෑමක් තමයි මේ.
දංදිල කැඳ
- දංදිල අල 3-4
- මිටිකිරි කෝප්ප 2
- ලුණු
- සීනි
- මුලින්ම දංදිල අල සුද්ද කරලා හොඳට තම්බගන්න. මේක බ්ලෙන්ඩර් එකට දාලා හෝ ගෑරප්පුවකින් හොඳට පොඩි කරගන්න. දැන් ඒකට පොල්කිරි, ලුණු හා රස අනුව සීනි එකතු කරන් කරදමුංගු ඇට දෙකක් එකතු කරල ලිපේ තියල රත් කරගන්න. මේ කැඳ එකක් ගොඩක් උකු නිසා අවශ්‍ය විදියට මිටි කිරි හෝ දිය කිරි එකතු කරගන්න.
මේ අල තම්බලා පොල් එක්ක කෑවත් හරිම රසයි.
No comments:
Post a Comment