Snickerdoodle Cookies
අවශ්‍ය ද්‍රව්‍ය
- බටර් කෝප්ප 1
- වැනිලා තේ හැඳි 2
- සීනි කෝප්ප 1
- දුඹුරු සීනි කෝප්ප 1/3
- බිත්තර 2
- පාන්පිටි කෝප්ප 3
- කුරුඳු කුඩු තේ හැඳි 1
- ක්‍රීම් ඔෆ් ටාටාර් තේ හැඳි 2
- බේකින් සෝඩා තේ හැඳි 2
- සීනි මේස හැඳි 2කට කුරුඳු කුඩු ස්වල්පයක් කලවම් කොට වෙනම තබාගන්න
- බටර් හා වැනිලා හොඳට විස්ක් කරගන්න. මේකට සුදු සීනි කප් 1 සහ දුඹුරු සීනි කප් 1 එකතු කරගන්න. දැන් බිත්තර දාලා හොඳට කලවම් කරගන්න.
- පාන්පිටි වලට ක්‍රීම් ඔෆ් ටාටාර්, කුරුඳු කුඩු, ලුණු හා බේකින් සෝඩා එකතු කර හලාගෙන කුකී මික්ස් එකට එකතු කරගන්න.
- ඩෝ එක හොඳටට අනලා ෆ්‍රිජ් එකේ පැය බාගයක් විතර තියන්න.
- දැන් කුකී ඩෝ එකෙන් බෝල හදලා වෙනම කලවම් කරගත්ත සීනි හා කුරුඳු කුඩු වල තවරගෙන, කුකී හැඩේට තලාගෙන 190°Cට විනාඩි 10ක් බේක් කරගන්න.
No comments:
Post a Comment