කොණ්ඩ කැවුම්
අවශ්‍ය ද්‍රව්‍ය
- හාල්පිටි ග්‍රෑම් 500
- තම්බපු පාන්පිටි ග්‍රෑම් 200
- සීනි ග්‍රෑම් 250
- පැණි බෝතල් 3/4
- පොල්කිරි කෝප්ප 1/2
- ලුණු
- බැදගැනීමට තෙල්
- භාජනයක් ලිපේ තියලා පැණි, සීනි හා පොල්කිරි දාලා උණු කරගන්න. ලිපෙන් බාලා නිවෙන්න තියන්න.
- මේකට වෙන වෙනම හලාගත්ත පාන්පිටි හා හාල්පිටි එකතු කරලා අනාගෙන පැය 8ක් වගේ වහලා තියන්න.
- දැන් උණුවතුර කෝප්ප එකක් නිවෙන්න තියලා ඒකෙන් ටික ටික දාලා මිශ්‍රණය හදාගන්න. උකුමත් නැති දියාරුමත් නැති මිශ්‍රණයක් හදාගන්න.
- තෙල් තාච්චිය ලිපේ තියලා තෙල් හොඳට රත් උනාම පිටි මිශ්‍රණයෙන් ටිකක් පොඩි උල් කටක් තියෙන කෝප්පෙකට දාගන්න. මේ කෝප්පෙ එක කැවුමකට ඇති වෙන සයිස් එකක් නම් ඔයාලට වැඩිය ලේසියි.
- කෝප්පෙ උල් කට පැත්තෙන් තාච්චියේ අඩියට මිශ්‍රණය වක්කර ගන්න. ඒ වක්කරපු මිශ්‍රණය උඩට තෙල් හැන්දෙන් වටේ තියෙන තෙල් ඉසගන්න. වටෙන් මිශ්‍රණය තැම්බිලා මැද පිම්බෙන කොට ඉරට්ටක් අරගෙන කැවුමෙ මැද්දෙන් තියලා කරකවමින් තෙල් ඉහින්න. එතකොට පෙනෙයි කැවුමෙ කොණ්ඩෙ හැදිලා එනවා.
- මේකට අත පොඩ්ඩක් හුරු වෙනකල් අමාරු වෙයි. ඒත් වැඩේ අතාරින්න එපා ඕන්.
No comments:
Post a Comment