පොලොස් මැල්ලුම්
අවශ්‍ය ද්‍රව්‍ය
- ලියාගත් පොලොස් ගෙඩියක්
- කහ තේ හැඳි 1
- ලුණු
- කුරුඳු පොඩි කෑල්ලක්
- සූදුරු ඇට තේ හැඳි 1/4
- කරපිංචා කොළ ටිකක්
- අමුමිරිස් කරලක්
- පොල්තෙල් ටිකක්
- පොල් කප් එකක්
- සුදුළූණු බික් 3
- රතුළූණු ගෙඩි දෙක තුනක්
- වියලි මිරිස් කරල් 4
- අබ තේ හැඳි 1/4
- ලියාගත් පොලොස් වලට කහ එකතු කරලා වතුර කෝප්ප 1ක් දාලා කලවම් කරගන්න. දැන් මේක ලිපේ තියලා පොලොස් ටික තැම්බෙනකල් වහලා තියන්න.
- ටිකකින් රස අනුව ලුණු දාගන්න. වතුර හිඳුනට පස්සෙ ලිපෙන් බාගන්න.
- කරපිංචා, සූදුරු, රතුළූණු, සුදුළූණු, අමුමිරිස්, කුරුඳු ටික වංගෙඩියෙ දාල කොටල හෝ ගලේ අඹරගන්න. ඒකටම පොල් ටිකත් දාල කොටාගන්න.
- පෑන් එකක් ලිපේ තියලා තෙල් ටිකක් දාලා රත්වෙනකොට අබ ටික දාගන්න. ටිකකින් කපාගත් වියළි මිරිස් කරල් ටික දාගන්න. මේකට අඹරගත්ත පොල් ටික එකතු කරල ඒ එක්කම පොලොස් ටික දාගන්න. පොල් ටික මැලවෙනකම් ලිපේ තියාගන්න.
No comments:
Post a Comment