අවශ්‍ය ද්‍රව්‍ය
- තම්බාගත් කව්පි ග්‍රෑම් 200
- පිරිසිදු කර බැදගත් හාල්මැස්සන් ග්‍රෑම් 50
- ලියාගත් බී ළූණු ගෙඩි 2
- ලියාගත් අමුමිරිස් කරල් 2
- අබ තේ හැඳි 1
- කෑලිමිරිස් තේ හැඳි 2
- කරපිංචා
- රම්පේ කෑල්ලක්
- තෙල් ටිකක්
- ලුණු
- භාජනයක් ලිපේ තියලා තෙල් ටිකක් දාලා රත්වෙනකොට අබ ටික දාගන්න.
- දැන් මේකට කරපිංචා, රම්පේ, අමුමිරිස්, ළූණු හා කෑලිමිරිස් ටික දාලා හොඳට කලවම් කරලා තෙම්පරාදු වෙන්න දෙන්න.
- ළූණු මැලවිලා හොඳට තෙම්පරාදු උනාම කව්පි ටිකයි බැදගත්ත හාල්මැස්සොයි එකතු කරලා කලවම් කරගන්න.
No comments:
Post a Comment