බේක්ඩ් බීෆ්
අවශ්‍ය ද්‍රව්‍ය
- තරමක් ලොකු කෑලි කපාගත් බීෆ් ග්‍රැම් 500
- මිරිස්කුඩු මේස හැඳි 2
- කහකුඩු තේ හැඳි 1/2
- තුනපහකුඩු තේ හැඳි 1
- චොප්කරගත් ඉඟුරු සුදුළූණු මේස හැඳි 1
- ඔලිව් ඔයිල් මේස හැඳි 2
- ඔයිස්ටර් සෝස් තේ හැඳි 2
- ගම්මිරිස්කුඩු මේස හැඳි 1
- ලුණු අවශ්‍ය පමණ
- දෙහි යුෂ ටිකක්
- තල ඇට ටිකක්
- බීෆ් වලට පිහියකින් පොඩි පොඩි කැපුම් දාගන්න. ඉහත සියල්ලම එකතු කරලා පේස්ට් එකක් හදාගෙන බ්‍රශ් එකකින් බීෆ් වල ගාගන්න.
- මේක අවම පැය 4 ක් හෝ උපරිම පැය 24ක් මැරිනේට් වෙන්න ෆ්‍රිජ් එකට දාලා 200°C ට විනාඩි 45 – 55ක් බේක් කරගන්න.
- බේක් වෙලා මදි වගේනම් තව විනාඩි 15ක් දාගන්න.
No comments:
Post a Comment