පිපිඤ්ඤා පිකල්
අවශ්‍ය ද්‍රව්‍ය
- මහත පෙති කපාගත් පිපිඤ්ඤා ගෙඩි 3
- කැට ලුණු
- විනාකිරි කෝප්ප 1
- සීනි කෝප්ප 2
- වතුර කෝප්ප 3
- කපාගත් අමුමිරිස් කරල් කීපයක්
- සුදුළූණු බික් 3-4
- ගම්මිරිස් ඇට ටිකක්
- එනසාල් ඇට 3
- මැටි භාජනයකට වතුර, සීනි, විනාකිරි දාලා උතුරව ගන්න. ඉතිරුවාම ලිපෙන් බාගන්න.
- පිපිඤ්ඤා වලට ලුණු කැට දාලා විනාඩි 10ක් වගේ තියෙන්න ඇරල කලවම් කරගන්න.
- බෝතලයකට සුදුළූණු, මිරිස් දාලා එනසාල් සහ ගම්මිරිස් ඇට ටිකක් දාගන්න.
- පිපිඤ්ඤා ටිකත් බෝතලයට දාලා උඩින් ආයෙම ගම්මිරිස් ඇට දාලා විනාකිරි මිශ්‍රණය දාලා බෝතලය වහන්න. දවස් 2කින් කෑමට ගන්න.
No comments:
Post a Comment