බෝංචි මැල්ලුම්
අවශ්‍ය ද්‍රව්‍ය
- බෝංචි ග්‍රෑම් 250
- ගාගත් පොල් කෝප්ප 1
- කපාගත් අමුමිරිස් කරල් 2
- කූණිස්සො ග්‍රෑම් 50
- කහ තේ හැඳි 1
- චොප්කරගත් රතුළූණු ගෙඩි 4
- ලුණු
- බෝංචි ටික පොඩියට ලියාගන්න. මේකට ලියාගත් රතුළූණු, කහකුඩු රස අනුව ලුණු දාලා කලවම් කරගන්න.
- කූණිස්සො ටික තෙලට දාගන්න. කූණිස්සො ටික බැදීගෙන එනකොට බෝංචි ටිකත් ඒකට එකතු කරල විනාඩි 2ක් වගේ කලවම් කරගන්න.
- බෝංචි ටික මැලවෙනකොට පොල් ටික දාගන්න. විනාඩි 2කින් වගේ වතුර මේස හැඳි දෙක තුනක් එකතු කරගන්න. තව විනාඩි 2ක් වගේ වහලා තියාගන්න. බෝංචි කොළපාට තියෙන්නම ගාණට තැම්බුනාම ලිපෙන් බාගන්න.
No comments:
Post a Comment