සියඹලා රයිස්
අවශ්‍ය ද්‍රව්‍ය
- බාස්මතී හාල් ග්‍රෑම් 500
- තෙල්
- සියඹලා ග්‍රෑම් 100
- අබ ඇට ස්වල්පයක්
- කරපිංචා ස්වල්පයක්
- රටකජු මේස හැඳි 2
- කඩල පරිප්පු මේස හැඳි 1
- වියළි මිරිස් කරල් කිහිපයක්
- ලුණු
- හාල් ටික සෝදා පැය 1/2ක් පෙඟෙන්න තියන්න.
- රයිස් කුකර් එකට වතුර කෝප්ප 2ක් දාලා පෙඟෙන්න දැමූ හාල් ටික දාලා තෙල් මේස හැඳි 1ක් දාලා බත පිසගන්න.
- සියඹලා වලට වතුර ටික ටික දමා යුෂ පෙරාගන්න. සියඹලා යුෂ කෝප්ප 1ක් සෑහේ.
- පෑන් එකකට තෙල් මේස හැඳි 3ක් දාලා රත්වෙනකොට අබ ටික දාගන්න. ටිකකින් කරපිංචා දාලා තෙම්පරාදු කරගන්න.
- රටකජු ටිකත් දාගන්න. ඊලඟට පරිප්පු ටික දාගන්න.
- දැන් කපාගත් වියළි මිරිස් ටික එකතුකරගන්න.
- දැන් විනාඩියක් විතර කළවම් කරමින් තෙම්පරාදු කරගෙන සියඹලා යුෂ ටික එකතු කරන්න.
- දැන් පිසගත් බත් ටික එකතුකරගන්න. රස අනුව ලුණු දාලා කලවම් කරගන්න.
No comments:
Post a Comment