Search This Blog

Sunday, June 21, 2020

ඌසි රයිස් (Ouzi Rice)


අවශ්‍ය ද්‍රව්‍ය

  • බාස්මතී හාල් ග්‍රෑම් 500
  • අඹරාගත් චිකන් ග්‍රෑම් 100
  • පොඩියට කපාගත් එළුමස් ග්‍රෑම් 100
  • චොප්කරගත් සුදුළූණු බික් 3
  • චොප්කරගත් ළූණු ගෙඩි 1
  • කුරුඳුපොතු කෑල්ලක්
  • එනසාල් ඇට 3
  • බැදගත් කජු ස්වල්පයක්
  • කොත්තමල්ලි කොළ ස්වල්පයක්
  • තම්බාගත් බිත්තර 2
  • එළඟිතෙල් කෝප්ප කාලක්
  • තෙල්
  • චිකන් ස්ටොක් කෝප්ප 1

හාල් ටික සෝදා විනාඩි 30ක් වගේ පෙඟෙන්න තියන්න. භාජනයක් ලිපේ තියලා තෙල් ටිකක් දාලා රත්වෙනකොට චොප්කරගත් ළූණු ,සුදුළූණු, කුරුඳුපොතු, එනසාල් ඇට දාලා තෙම්පරාදු කරන්න.
ටිකකින් අඹරාගත් මස් හා පොඩියට කපාගත් මස් ටික එකතු කරන්න. මස් තැම්බීමට චිකන් ස්ටොක් එක දාලා හාල් ටිකත් එකතු කරලා වතුර ඇති පදම දාලා වහලා තියන්න.
බත ඉදුනට පස්සෙ උඩින් එලඟි තෙල් ඉසගන්න. පිළිගන්වන්න කලින් බැදගත් කජු ස​හ කොත්තමල්ලි කො​ළ උඩින් දාලා බිත්තර පෙති කපා සරසගන්න.

No comments:

Post a Comment