Search This Blog

Sunday, June 21, 2020

චිකන් මජ්බූස් (Chicken Majboos)


අවශ්‍ය ද්‍රව්‍ය

  • චිකන් ග්‍රෑම් 500
  • කපාගත් තක්කාලි ගෙඩි 3
  • චොප්කරගත් ඉඟුරු හා සුදුළූණු ස්වල්පයක්
  • පෙති කපාගත් ළූණු ගෙඩි 3
  • ලුණු
  • එළවළු තෙල් මේස හැඳි 2
  • එනසාල් ඇට 3-4
  • ගම්මිරිස්කුඩු
  • කහකුඩු තේ හැඳි 1/2
  • රවුමට කපාගත් මාළු මිරිස් කරල් 4
  • බාස්මතී හාල් කිලෝ 1
  • මාගරින් මේස හැඳි 2
  • කොත්තමල්ලි කොළ ස්වල්පයක්

හාල් සෝදා විනාඩි 30ක් පෙඟෙන්න තියන්න.
භාජනයක් ලිපේ තියලා එළවළු තෙල් ටික දමා රත්වෙනකොට ඉඟුරු සුදුළූණු පේස්ට් එක දාගන්න.
චිකන් ටික පොඩි කෑලි කපලා මේකට එකතු කරගන්න.
දැන් මේකට කහකුඩු ,තක්කාලි, ගම්මිරිස්කුඩු, ලුණු දාලා චිකන් ටික තැම්බෙන්න ඇති තරම් වතුර දාගන්න. මස් ටික බාගෙට තැම්බෙනකොට හාල් ටික එකතු කරන්න.
දැන් මාගරින්, කපාගත් ළූණු හා මාළු මිරිස් එකතු කරලා බත් එක පිසගන්න. උඩින් කොත්තමල්ලි කොළ චොප්කර ඉසගන්න.

No comments:

Post a Comment