අවශ්‍ය ද්‍රව්‍ය
- පාස්ලි ග්‍රෑම් 100
- බල්ගර් ග්‍රෑම් 25 (සුපිරි වෙළඳසැල් වල ඇත)
- පොතු හැරගත් තක්කාලි ගෙඩි 2
- චොප්කරගත් ළූණු ගෙඩි 2
- ඔලිව්තෙල් තේ හැඳි 1
- දෙහි ගෙඩියක යුෂ
- රස අනුව ලුණු
මුලින්ම පාස්ලි ටික චොප්කරගන්න.
බල්ගර් ටික පැයක් වගේ පෙඟෙන්න දාගන්න.
තක්කාලි ගෙඩි ටික කුඩාවට කපාගන්න.
දැන් මේ සියල්ලම භාජනයකට දාලා දෙහි හා ලුණු දාලා කලවම් කරගන්න. පිළිගන්වන්න කලින් ඔලිව්තෙල් ටික දාලා කලවම් කරගන්න.
No comments:
Post a Comment