අවශ්‍ය ද්‍රව්‍ය
- බිත්තර 4
- ලුණු, ගම්මිරිස් රස අනුව
- හීනියට කපාගත්ත කටු රහිත චිකන් කප් 1
- චොප් කරගත්ත ළූණු ගෙඩියක්
- පොඩියට කපාගත්ත තක්කාලි ගෙඩියක්
- චීස් වෙජස් දෙකක්
බිත්තර හතර කඩලා බෝල් එහෙකට දාගෙන ඒකට ලුණු, ගම්මිරිස් එකතු කරන් ගෑරප්පුවකින් බීට් කරගන්න.
තෙල් මේස හැඳි 2ක් විතර නන්ස්ටික් පෑන් එකක රත් වෙන්න තියල ඒකට පොඩියට කපාගත්ත චිකන් ටික ලුණු පොඩ්ඩක් එක්ක දාල, චිකන් තැම්බෙනකම් බැදගන්න.
චිකන් ටික සුදු පාට වෙලා තැම්බුණාම ළූණු ටික එකතු කරන් ළූණු රන්වන් පාට වෙනකම් තෙම්පරාදු කරගන්න. ඒකට තක්කලි එකතු කරල හොඳට කලවම් කරගෙන පෑන් එක පුරාම විහිදෙන විදියට අතුරගන්න.
ලිපේ ගින්දර අඩු කරගෙන, චිකන් මිශ්‍රණයට උඩින් බිත්තර ටික එකතු කරගන්න. පියනකින් වහල තියල, ඔම්ලට් එක සෙට් උනාම චීස් කෑලි තැනින් තැන දාගෙන ඔම්ලට් එක දෙකට නවා ගන්න.
No comments:
Post a Comment