අවශ්‍ය ද්‍රව්‍ය
- සුදුළූණු ගෙඩි 3ක බික්
- කෑලි මිරිස් තේ හැන්දක්
- සීනි තේ හැන්දක්
- ලුණු තේ හැඳි 1/2
- බටර් මේස හැන්දක්
- ගැඹුරු තෙලේ බැදගන්න තෙල්
සුදුළූණු බික් ටික වෙන් කරගෙන පොත්ත පිටින්ම සෝදල, වතුර හොඳට පිහිදල යන්තම් පොත්ත පැලෙන ගාණට තලාගන්න.
තෙල් අඟලක් විතර උසට තාච්චියකට දාගෙන රත් වෙන්න තියල, ඒකට සුදුළූණු ටික දාල අඩු ගින්දරේ සුදුළූණු රන්වන් පාට වෙනකම් බැදගන්න. තෙල් බේරෙන්න ටිශූ එකක් උඩට දාගන්න.
වෙනම භාජනයක් ලිපේ තියල ඒකට බටර් රත් වෙන්න දාල, ඒකටම අනිත් ද්‍රව්‍ය සේරම දාගෙන කලවම් කරගන්න. විනාඩියක් විතර බැදෙන්න දීලා සුදුළූණු ටික මික්ස් කරල ගන්න.
No comments:
Post a Comment